දේශීය

ෂාෆ්ටර් මියයන විට ඇඳ සිටි ඇඳුම් ගැන අධිකරණයෙන් නියෝගයක්

දැනට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතින ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණයට පත් වන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් ලබාගෙන ඒවා ඔහුගේ මරණයට හේතු සෙවීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත යොමු කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

 

එම සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළ බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

 

මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ කණ්ඩායම විසින් මරණය සිදු වූ ස්ථානයේ සහ මරණකරු සිටි වාහනය තුළ තිබි සොයාගත් ද්‍රව්‍ය විමර්ශන සඳහා විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත භාර දෙන ලෙසත් තවත් නියෝගයක් නිකුත් කර තිබේ.

 

අනතුරුව මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ අදාළ පරීක්ෂණය වාර්තා සැප්තැම්බර් මස 05 වනදා යළි කැඳවන ලෙසය.

Related posts

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද සිට

Mohamed Dilsad

මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් : ගිනි නිවන රථ කැඳවයි.

Editor O

හක්මන ටිපර් රථ අනතුරින් තුවාල ලැබූ අනෙක් පොලිස් නිලධාරියාත් මරුට

Mohamed Dilsad

Leave a Comment