දේශීය

පදික මාරුව මත සිදුවු අනතුරින් ජීවිතයක් අහිමි වෙයි

කළුතර සිරිකුරුස විදුහල ඉදිරිපිට යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.

 

ඊයේ (22) සවස් කාලයේ කළුතර සිරිකුරුස විදුහල අසලදී පදික මාරුව මතින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ගාල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් මෙලෙස මියගොස් ඇත.

 

මියගොස් ඇත්තේ තල්ගස්වල, ඉහළ කොටසේ පදිංචිව සිටි අය්යාප්පුලි යේසුදාසන් නමැති 54 හැවිරිදි පුද්ගලයෙකි.

 

අනතුරින් යතුරුපැදිය පැදවූ හිටපු නාවික හමුදා සෙබළා සහ ඔහුගේ 17 හැවිරිදි දියණිය තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

 

මෘතශරීරය නාගොඩ රෝහලේ තැන්පත්කර ඇති අතර කළුතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

 

Related posts

රාජ්‍ය ඇමති කබ්රාල්ගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහ ලේකම්ට

Mohamed Dilsad

දියතලාව කඳවුරේ සිසුන් 16 වනදා මුදා හැරෙයි

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් 22 ක් පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment