දේශීය

දුම්රිය ධාවනය ගැන පැහැදිලි කිරීමක්

මගී ජනතාවට බාධාවක් නොවන පරිදි අද (24) දිනයේ දී දුම්රිය ධාවනයට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයින් පිරිසක් ඊයේ (23) පස්වරුවේ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.

 

මේ හේතුවෙන් සියලු දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් ඊයේ රාත්‍රියේ සිදුවූ අතර එහිදී මගීන් දැඩි දුෂ්කරතාවට පත්වු බව අද දෙරණ වාර්තාකරුවන් පැවසීය.

 

කෙසේවෙතත් දුම්රිය බලධාරීන් මැදිහත් වී දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමත් සමග දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරුණි.

 

මේ අතර අද දිනයේ හැකි උපරිම ආකාරයෙන් දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා සඳහන් කළේ දුම්රිය ප්‍රමාදයන් වළක්වාලමින් සියලු දුම්රියන් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවය.

 

මේ අතර ආයතන ක්‍රියාපටිපාටීන්ට අනුගතව කටයුතු නොකරන සේවකයින් සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

 

 

Related posts

ජනපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් දවස පුරා ක්‍රියාත්මකයි

Mohamed Dilsad

පුවත්පත් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මැඩලයි

Mohamed Dilsad

මැතිවරණ ගැසට්ටුවට එරෙහි පෙත්සම් අද 5 වන දිනයටත්

Mohamed Dilsad

Leave a Comment