විදෙස්

ලොව කැලඹූ වැග්නර් නායකයා මියගිහින්

රුසියාවේ වැග්නර් නායක යෙව්ග්නි ප්‍රිගොෂින් ගුවන් අනතුරකින් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

වැග්නර් නායකයා ඇතුළු දස දෙනෙකු පෞද්ගලික ජෙට් යානයකින් ගමන් කරමින් සිටියදී එය හදිසියේ කඩා වැටී අනතුර සිදුවී ඇති බව රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

 

අනතුර සිදුවන අවස්ථාවේ වැග්නර් නායකයා සමග ඔහුගේ අණදෙන නිලධාරි දිමිත්‍රි උට්කින් ද සිට ඇති බව සඳහන්ය.

 

මේ වන විට අදාළ යානයේ මළසිරුරු අටක් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

 

රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයේ දී රුසියාවට සහාය ලබාගැනීම සඳහා කුලී හේවා බලකායක් ලෙස වැග්නර් සන්නද්ධ කණ්ඩායම කටයුතු කළ අතර එහි නායකත්වය යෙව්ග්නි ප්‍රිගොෂින් විසින් දරනු ලැබීය.

 

කෙසේවෙතත් පසුව ඔහු විසින් රුසියානු හමුදා සිය විශ්වාසය කඩ කළ බව පවසමින්, රුසියානු පාලනය යටතේ පැවති ප්‍රදේශ ආක්‍රමණය කිරීමට ද එම කුලී හේවායින් කටයුතු කර තිබුණි.

Related posts

විදේශ ණය කළමනාකරනයට වෙනම ආයතනයක්

Editor O

රුසියාව නවතම ඖෂධයක් සොයා ගනී.

Editor O

ටජිකිස්ථානයේ අයි.එස් ප්‍රහාරයකින් 17ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment