දේශීය

පෙරහැරකදී විදුලිසැර වැදී දෙදෙනෙක් මරුට

නමුණුකුල ප්‍රදේශයේ කෝවිලක වාර්ෂික රදම් (වේල්) පෙරහැරක් අතරතුර විදුලිසැර වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

 

විදුලිසැර වැදුනු තවත් තිදෙනෙකු පස්සර දිසා රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි.

 

රදම් පෙරහැරට සහභාගීවු කරත්තයක් අධිබලති විදුලි රැහැනක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

 

ඊයේ (23) දහවල් ආරම්භ කළ පෙරහැර අද (24) අලුයම තෙක් පවත්වා ඇති අතර පෙරහැරට සහභාගීවු රදම් කරත්තය කෝවිලට රැගෙන යන අතරතුර කරත්තයේ ඉහළ කොටස අධිබලති විදුලි රැහැනේ ගැටීමෙන් විදුලි සැර වැදී ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 30 හැවිරිදි හා 42 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන් ය.

 

සිද්ධිය සම්බන්ධයෙන් නමුණුකුල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

කාන්තාවන් තිදෙනෙකු මියගිය සිද්ධියට අත්අඩංගුවට පත් සැකකරුවන් රිමාන්ඩ්

Mohamed Dilsad

ශ්‍රීලනිප නියෝජිතයින් 20 දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාව අවටින් ගත් ජල සාම්පල රජයේ රස පරීක්ෂක වෙත

Mohamed Dilsad

Leave a Comment