දේශීය

වැසි රහිත කාලගුණයක්

ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

 

බස්නාහිර පළාතේත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

 

Related posts

වැඩබලන පාකිස්තාන මහ කොමසාරිස් සහ වාණිජ අමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

කොවිඩ් රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලයි

Mohamed Dilsad

ඡන්දය භාවිතා නොකළොත් දඩ ගහන නීතියක් ගේනවා – මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක

Editor O

Leave a Comment