දේශීය

පළමු රන්දෝලි පෙරහර අදයි

මහනුවර ඇසළ මහා මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (26) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිත ව තිබේ.

 

ඒ අනුව පළමු රන්දෝලි පෙරහර අද රාත්‍රී 07.26ට ආරම්භ වීමට නියමිතය.

 

රන්දෝලි පෙරහර දළදා වීථිය, ඩී.එස්.සේනානායක වීථීය, පන්සල පාර ඔස්සේ ඉහළට පැමිණ දේව වීථිය, කොළඹ වීථිය ඔස්සේ ගමන් කර ඊ.එල්.සේනානායක වීථියට පිවිස ඒ හරහා හරස් වීථිය ඔස්සේ ගමන් කිරීමෙන් අනතුරුව නැවත ඩී.එස්.සේනානායක වීථීයට පිවිස රජ වීථියට හැරී ඉහළට ඇවිත් ගෙවැදීමට නියමිතයි.

 

දින 05ක් පුරා පැවති කුඹුල් පෙරහරේ අවසාන පෙරහර ඊයේ (25) විථි සංචාරය කළේය.

Related posts

කොරෝනා ආසාදිතයින්ගෙන් 321 ක් නාවික හමුදා සාමාජිකයින්

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නැවේ කපිතාන්ගෙන් ගත් ප්‍රකාශය අද අධිකරණයට

Mohamed Dilsad

විෂබීජහරණ කටයුතු සඳහා එතනෝල් ලීටර් 08 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්

Mohamed Dilsad

Leave a Comment