දේශීය

20 හැවිරිදි වෙඩික්කරු සියල්ල වමාරයි

කෙසෙල්වත්තේ මාටින් පෙදෙසේදී පසුගිය 30 වනදා “පොඩි කවී” නමැත්තා ඝාතනය සඳහා යොදාගෙන ඇත්තේ පොලීසිය පරිහරණය කරන ගිනි අවියකට සමාන අවියක් බවට පොලීසිය සැක පළකරයි.

 

ඒ, අදාළ වෙඩිතැබීම සිදුකළ 20 හැවිරිදි තරුණයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරන ගත් කරුණු අනුවය.

 

ජීව උණ්ඩ 20ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර අදාළ ගිනිඅවිය පොලීසිය විසින් කඩවත ප්‍රදේශයේ නිවසක් පසුපස වළදමා තිබියදී සොයාගෙන ඇත.

 

එම ගිනිඅවියේ රහස් අංකය මකා ඇති බව ද පොලීසිය පැවසීය.

 

සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක්ද පොලිසිය සොයාගෙන තිබේ.

 

එම ගිනිඅවිය ගනේමුල්ලේ සංජීව නැමැත්තා පුද්ගල ඝාතනයක් සඳහා සන්තකයේ තබාගන්නා ලෙස ලබාදුන් එකක් බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

Related posts

මාස 3කට ප්‍රමාණවත් ඖෂධ රජයේ රෝහල් සතුයි..

Mohamed Dilsad

ගව ඝාතනය තහනම් කිරීමට අදාළ පනත් සංශෝධනයට අනුමැතිය

Mohamed Dilsad

ප්‍රවාහන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment