දේශීය

ආදායම් ලබන බලශක්ති කලාපයක් ගැන නිවේදනයක්

ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ග්‍රීන් එනර්ජි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය හරහා මෙරට ආදායම් ලබන බලශක්ති කලාපයක් වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

 

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ඉදිරියේ දී ඉන්ධන මෙන් වටිනාකමක් පුනර්ජනනීය බලශක්තිය හරහා ලබාගත හැකි බවයි.

 

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා,

 

“දැන් තෙල් තියෙන රටවල් බොහෝම ධණවත් රටවල් බවට පත්වෙලා වගේම ඉදිරියේ දී ඉන්ධන නිපදවීම සඳහා අවශ්‍ය වෙන්නේ සුළං, සූර්යාලෝකය සහ ජලය. ඒක අපිට ඇතිතරම් තියෙන රටක් නිසා ඒ කටයුත්ත සඳහා තමයි මේ ත්‍රිකුණාමලය කලාපය ග්‍රීන් එනර්ජි හබ් එකක් හැටියට නම් කරන්නේ. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අනුව මේ ත්‍රිකුණාමලය ප්‍රදේශයත් ඉන්දියාවත් ඒ සමාගමත් එක්ක එකතුවෙලා අපි ග්‍රීන් එනර්ජි හබ් එකක් හැටියට දියුණු කෙරුවොත් තව වසර කිහිපයක් තුළ අපිට විශාල ආදායම් ලබන කලාපයක්, තෙල් තියෙන කලාපයක් වගේ තමයි ඉදිරියේ දී ග්‍රීන් හයිඩ්‍රජන් තියෙන කලාප පත්වෙන්නේ ඒක තමයි අරමුණ වෙලා තියෙන්නේ.”

Related posts

අද රාත්‍රී 8 න් පසුව යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් නාවික සෙබළුන්

Mohamed Dilsad

LG ස්මාර්ට්ෆෝන් වෙළෙඳපොළෙන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment