දේශීය

රු 162,000කට වෙන්දේසි වූ අඹ ගෙඩිය

වවුනියාව, උක්කුලාන්කුලම පිල්ලයාර් කෝවිලේ පැවති කෝවිල් වෙන්දේසියේ දී අඹ ගෙඩියක් රුපියල් 162,000 ක මුදලකට වෙන්දෙසී වී තිබේ.

 

මෙම වෙන්දේසිය ඊයේ (26) සවස පවත්වා තිබුණේ කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙනි.

 

වවුනියාව, උක්කුලාන්කුලම ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රන් සින්දුජා නමැති කාන්තාවක් විසින් එම අඹ ගෙඩිය මිල දී ගත් බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

 

කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කෝවිල් පාලක සභාව විසින් එම වෙන්දේසිය පවත්වා තිබේ.

 

උතුරු පළාතේ හින්දු කෝවිල්වල වාර්ෂික කෝවිල් උත්සව මේ දිනවල පවත්වනු ලබයි.

 

Related posts

බිත්තර කතාවේ අලුත්ම තත්ත්වය

Mohamed Dilsad

මල්වාන ප්‍රදේශයේ රිය අනතුරකින් මවක් සහ දියණියක් මරුට

Mohamed Dilsad

හුදෙකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය

Mohamed Dilsad

Leave a Comment