දේශීය

නිවසක් තුළ පුද්ගලයෙක් පිළිස්සී මරුට

හලාවත පොලිස් වසමේ නිවසක් තුළ පුද්ගලයෙකු පිළිස්සීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඊයේ (27) සවස් කාලයේ හලාවත පොලිස් වසමේ ඉලිප්පදෙණිය ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු ගිනිගෙන මියගොස් සිටින බවට ලැබුණ දුරකථන පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය සඳහන් කරයි.

 

ඉලිප්පදෙණිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 46ක් වූ පුද්ගලයෙක් මෙලෙස මරණයට පත්ව ඇත.

 

මියගොස් ඇති පුද්ගලයා වසර තුනක පමණ සිට සහෝදරියගේ නිවසේ එක්තැන්ව සිට ඇති අතර සහෝදරිය නිවසේ නොමැති අවස්ථාවක මෙම අනතුර සිදුවී තිබේ.

 

මෘතශරීරය හලාවත රෝහලේ තැන්පත්කර ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Related posts

අදත් විදුලිය නැහැ

Mohamed Dilsad

CEYPETCO ඉන්ධන පිරවුම් හල් විදෙස් සමාගම්වලට ‘විකිණීමට’ සජබ දැඩි විරෝධය

Mohamed Dilsad

විරෝධතාවයකට එරෙහිව අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment