දේශීය

වැට් බදු සංශෝධනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සඳහා වන සංශෝධන සම්බන්ධයෙන් ඊයේ (28) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතියන් ලැබී තිබේ.

 

ඒ අනුව එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට ය.

 

ඉන් අනතුරුව එය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබුණි.

 

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා 2024.01.01 දින සිට ක්‍රියාත්ම වන පරිදි සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය අහෝසි කිරීම සඳහා 2023.06.05 දින පැවැති ආමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදෙන ලදි.

 

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී ඇත.

Related posts

අග්‍රාමාත්‍යවරයාගෙන් වත්මන් තත්ත්වය පිළිබඳව නිවේදනයක්

Mohamed Dilsad

මහවිරු සැමරුම් ප්‍රචාරය කිරීමේ සිද්ධියේ කැලුම් ජයසුමන ඇප මත මුදා හැරේ. මහජන කැළඹීමක් සිදුවූ බවට සාක්ෂි නැතුව සැකකරුවෙක් බන්ධනාගාර ගත කරන්න බැහැ. – කොළඹ මහෙස්ත්‍රාත්

Editor O

නව ජනපති දිවුරුම්දෙයි

Mohamed Dilsad

Leave a Comment