දේශීය

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවකට මුල් වූ නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී තිබේ.

 

ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම, ආනන්ද හිමි රහත්භාවයට පත්වීම, පෙරවස් මඟහැරී ගිය භික්ෂූන් වහන්සේ පසුවස් එළැඹෙන දිනය වීම නිකිණි පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

 

එමෙන්ම බුදුරදුන්ගේ ලලාටධාතු නිධන් කර සේරුවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම, පුරාතන අරියවංස දේශනා උත්සවය සිදුකිරීම ආදී කරුණු නිකිණි පොහොය දිනයේ සිදුවු වැදගත් සිදුවීම් අතර මුලික වේ.

 

මේ අතර මහනුවර ඇසළ මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.

 

“අද දෙරණ” මහනුවර ප්‍රදේශීය වාර්තාකරු හේරත් ඒකනායක සඳහන් කළේ, පැවති වර්ෂාව මධ්‍යයේ වුවද විශාල ජනතාවක් ඊයේ (29) පෙරහැර නැරඹීම සඳහා පැමිණි බවය.

 

මේ අතර මහනුවර ඇසළ පෙරහරේ සතර මහා දේවලවල පැවති පෙරහර සඳහා අලි ඇතුන්ගේ හිඟයක් පැවති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංවිධානයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පවසයි.

 

Related posts

හිටපු ජනාධිපති මෛත්‍රීට අගරදගුරු පාර්ශ්වයෙන් පිළිතුරු

Editor O

ගුරු සංගම්වලින් රජයට රතු එළියක්

Mohamed Dilsad

සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා පරිසර හිතකාමී කසල බදුන් 40 ක්

Mohamed Dilsad

Leave a Comment