දේශීය

ෆෝන් ආරවුල මරණයෙන් කෙළවර වෙයි

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී 24 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබේ.

 

ඊයේ (09) එම ඝාතනය සිදුකර ඇත්තේ, කොටහේන පොලිස් වසමේ ශ්‍රී ගුණානන්ද මාවත ට්‍රාන්ස්පෝමරය අසලදීය.

 

ඝාතනයට ලක්වූ තරුණයා මව, පියා හා නැගණිය සමග ශ්‍රී ගුණානන්ද මාවත ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

 

ඊයේ මරණකරුගේ මිතුරෙකුගේ නිවසට පැමණි ඇති අතර පසුව දෙදෙනාම ඉහත සඳහන් ට්‍රාන්ස්පෝමරය අසලය ගොස් සිටියදී තවත් පුද්ගලයෙකු සමග ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ආරවුලක් ඇතිවූ ඇත.

 

එහිදී සැකකරු විසින් මරණකරුගේ පිටට පිහියකින් ඇන ඇත.

 

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Related posts

ආර්ථික සහාය සාදරයෙන් පිළිගන්නවා – ජනපති

Mohamed Dilsad

සම්බන්ධන් සහ දිගම්බරන්ට පාර්ලිමේන්තුව මාස 3 ක නිවාඩු අනුමත කරයි

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment