දේශීය

මාර්ගගත ක්‍රම පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 02ක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් 02ක් ඉදිරිපත් කර තිබේ.

 

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කළාය.

 

සමාජ සාධාරණත්ව පක්ෂය විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

 

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධානවලින් භාෂණයේ හා ප්‍රකාශනයේ මූලික අයිතිය ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන බවය.

 

ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමතවී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද තිබේ.

 

Related posts

රංජන් රාමනායකගේ පක්ෂයට එරෙහිව පැමිණිල්ලක්

Editor O

ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේදී මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක්

Mohamed Dilsad

රන්ජන්ගේ ඉල්ලීම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment