දේශීය

ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුවී තිබේ.

 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී එම හමුව සිදුවූ බවය.

 

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා සිදුකර තිබේ.

 

දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවෙන නව ද්විපාර්ශ්වික ගිවිසුම් 03කට ද එහිදී අත්සන් තබා ඇත.

 

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා මෙරටට පැමිණ තිබේ.

 

Related posts

ගාලු පාර බලපිටියෙන් වැසෙයි

Mohamed Dilsad

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික ධූරයෙන් රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි

Editor O

විජේදාස රාජපක්ෂ සහ සුහද ගම්ලත් ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment