දේශීය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ධාවනය ගැන දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

 

නිවේදනයෙන් නිකුත් කරමින් ගමනාගමන මණ්ඩලය පවසන්නේ පින්නදූවත් ඉමදූවත් අතර මාර්ගයට පස් කන්දක් නායයාම හේතුවෙන් අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනයට බාදා එල්ලවී ඇති බවය.

 

එසේ වුවද කොළඹ දෙස සිට ගමන් කරන බස් රථ පින්නදූවෙන් පිටවී නැවත ඉමදූවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුලු වී ගමන්කරන බවය.

 

එසේම මාතර දෙස සිට ගමන් කරන බස් රථ ඉමදූවෙන් පිටවී නැවත පින්නදූවෙන් අධිවේගී මාර්ගයට ඇතුලු වී ගමන්කරන බවය.

 

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධිවේගී මාර්ගයේ ගමන්කරන බස් රථ ගමන්වාර කිසිවක් අවලංගු වී නොමැති බවය.

Related posts

සපුගස්කන්දෙන් අද සිට දිනපතා ඉන්ධන

Mohamed Dilsad

ආදිශිෂ්‍යයෙක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාසලේ උත්සවයකට ගෙන්වා ගත්තැයි විදුහල්පතිනියට විනය පරීක්ෂණයක්…?

Editor O

කෙතරම් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නත් “පළමුව ජනතාව”-ජනපති

Mohamed Dilsad

Leave a Comment