දේශීය

දක්ෂිණ අධිවේගයේ පස් ඉවත් කිරීම තවදුරටත්

නායයෑමට ලක්වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර 102 කිලෝමීටර් කණුව ආසන්නයේ මාර්ග කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

 

පස් සහ ගල් ඉවත් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින අතර රථවාහන ගමනාගමනය සඳහා මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව එම අධිකාරිය සඳහන් කළේය.

 

කෙසේවෙතත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු අනෙකුත් විමර්ශන අංශ සිදුකරන පරික්ෂණවලින් පසු ලබාදෙන නිර්දේශ අනුව ඉදිරි පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී කහටපිටිය මහතා ප්‍රකාශ කළේ අදාළ මාර්ග කොටසේ නාය යැම් අවදානම තවදුරටත් සම්පුර්ණයෙන් පහව ගොස් නොමැති බවය.

Related posts

පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ දේහය ඥාතීන්ට

Mohamed Dilsad

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන PHI සංගමයේ විරෝධය

Mohamed Dilsad

විදෙස් ගමන් බලපත්‍ර 98ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment