දේශීය

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත තවදුරටත් ප්‍රමාදයි

‍දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

 

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ගේ නියෝග පරිදි අදාළ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

 

ඒ අනුව 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට නියමිත ව ඇත.

 

පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරුණු දූෂණ විරෝධී පනතේ ව්‍යවස්ථාදායක සභාව යන වගන්තිය වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යන වගන්තිය ද ව්‍යවස්ථාදායක මණ්ඩලය යන වගන්තිය වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යන වගන්තිය ද ආදේශ කිරීම මෙම නව පනත් කෙටුම්පත මඟින් සිදු කර ඇති බව වාර්තා වේ.

 

මෙම වගන්තියේ පැවති දෝෂ හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නව කොමිශන් සභාව පිහිටුවීම ඇතුළු කරුණු කිහිපයකට බාධා එල්ල වී තිබිණි.

 

ඒ අනුව මෙම පනත් කෙටුම්පත ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් එය සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

 

මේ අතර, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බව විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

 

එය බොහෝ දුරට මෙවර අයවැයෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙක් අතුරුදන්

Mohamed Dilsad

මැතිවරණ නීති උල්ලංඝණය කළ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග සංවර්ධනය ගැන තීරණ කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment