කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘Image Expo 2023’ ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) පස්වරුවේ එක්විණි.
Image Expo 2023 ප්‍රදර්ශනය මෙවර 03 වැනි වරට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි.
සෝනි සන්නාම තානාපතිවරුන් ලෙස ජනප්‍රිය ඡායාරූප ශිල්පීන් වන දිමිත්‍රි කෲස් සහ තිළිණ කළුතොට ගේ යන මහත්වරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන ලැබූ අතරන් සම්මානලාභී වනජීවි ඡායාරූප ශිල්පියකු වන ලක්ෂිත කරුණාරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත වනජීවි ඡායාරූප එකතුවක් ද ප්‍රදානය කළේය.
CameraLK ආයතනය විසින් ජනාධිපති මාධ්‍ය අංශය වෙත අතිනවීන තාක්ෂණයෙන් යුත් ඩ්‍රෝන කැමරාවක් ප්‍රදානය කිරීම ද මෙහි දී සිදු විණි.
පසුගිය 13 වැනිදා ආරම්භ වූ Image Expo 2023 ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.