දේශීය

මෙරට ණය ප්‍රතිකර්ම වැඩසටහන වේගවත්ව සිදුවෙයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිකර්ම වැඩසටහන අනෙකුත් රටවල ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට සාපේක්ෂව ඉතා වේගයෙන් සිදුවන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පවසයි.

 

මොරොක්කෝවේ, මරකේෂ් හී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවැත්වු මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කළාය.

 

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්,

 

“ශ්‍රී ලංකාව දුෂ්කරතාවයට මුහුණ දෙද්දි එය මැදි ආදායම් ලබන රටක්. නමුත් කොවිඩ් බලපෑම් සහ ඇතිවූ අස්ථාවරයන් හමුවේ එම තත්ත්වය පහතට වැටුණා. ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් බවට පත්වුණා. මැදි ආදායම් රටක් වූ ශ්‍රී ලංකාව මුහුණ පෑ අර්බුදය නිසා එය පොදු රාමුවක් තුළ විසඳාගත නොහැකි තත්ත්වයක් බවට පත්වුණා. ඒ නිසයි පොදු රාමුවක් තුළ මෙම අර්බුදය ආමන්ත්‍රණය කිරීමට සුදුසුකම් ලැබිය නොහැකි තත්ත්වයකට පත්වුණේ.”

 

“මම සිතන්නේ අනෙක් බොහෝ ඒවාට සාපේක්ෂව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාව ලබාගන්න විසඳුම් ඉතා යහපත් මට්ටමක පවතිනවා වගේම ඉතා වේගවත්. මම අන් අයට එරෙහිව පොදු රාමුව ගැන තීන්දුවක් ලබාදෙන්නේ නැත. නමුත් පොදුවේ අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ තවත් බොහෝ ආයතනවල එම ක්‍රම්වේදය වේගවත් විය යුතු බවට පැවැසෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ යෝජනා වඩා වේගයෙන් සිදුවෙමින් පවතිනවා.”

 

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හා ඉන්දීය සභාපතිත්වය හිමි ලෝක බැංකුව සමග ස්වෛරීත්ව ණය සම්බන්ධයෙන් ණයහිමි කමිටු පිහිටුවීමේදී, ශ්‍රී ලංකාවේ ණය අර්බුද ගැටලුව පිළිබඳව අප සාකච්ඡා කළා. ඒ වගේම එම තත්ත්වය ඉදිරි අනාගතයේ ඕනෑම රටක් සඳහා යොදාගත හැකි ආකාරයෙන් සැලකිල්ලට ගත යුතුයි. එම ක්‍රමවේදය මගින් ඉතා වේගවත් ලෙස විසඳුම් ලබාදෙමින් ක්‍රියාවට නැංවිය හැකි බවයි මම සිතන්නේ.”

 

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් රාමුව තුළ ණය ප්‍රතිකර්ම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට පැමිණීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ පුද්ගලික ණයහිමියන් පවසයි.

 

එමගින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳුම්කර ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ණය අභියෝගවලට තිරසාර විසඳුමක් සෙවීමට කඩිනමින් මෙරට සමඟ කටයුතු කිරීමට කැපවී සිටින බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

ගුවන් තොට විවෘත කිරීමත් සමග කටාර් සිට ගුවන් යානා 02 ක් කටුනායකට

Mohamed Dilsad

තවත් ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් සැසිය අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment