විදෙස්

දකුණු ගාසා තීරයට අත්හිටුවා තිබු ජල සැපයුම යළි සක්‍රීය කෙරේ

දකුණු ගාසා තීරයට අත්හිටුවා තිබු ජල සැපයුම ලබාදීම යළි ආරම්භ කළ බව ඊශ්‍රායලය නිවේදනය කර තිබේ.

 

එරට බලශක්ති අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් (Israel Katz) ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර ඇත්තේ උතුරු ගාසා හි පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දකුණු ගාසා තීරයේ සිවිල් වැසියන් රැසක් රැඳීසිටිම පිළිබඳ අවධානය යොමුකරමින් මෙම පියවර ගත් බවය.

 

කෙසේවෙතත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව දකුණු ගාසා තීරයට සිදුකරන ජල සැපයුම යළි සක්‍රීය කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

ගාසා තීරයට ගොඩබිමින්, ගුවනින් හා මුහුදින් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බවට ඊශ්‍රායලය ප්‍රකාශ කිරීමත් සමඟ මේ වන විට මිලියනයක පමණ ජනතාවක් ගාසා තීරයේ උතුරු ප්‍රදේශයෙන් ඉවත් වී ඇති බව සඳහන් වේ.

 

මේ අතර ගාසා ගැටුමේ පළමු දින හත තුළ මිලියනයක ජනතාවක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබේ.

 

එමෙන්ම හමාස් සංවිධානය ඊශ්‍රායල වැසින් 155 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින බව ඊශ්‍රායල හමුදාව නිල වශයෙන් තහවුරු කරගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related posts

කටාර් රාජ්‍යයට තවදුරටත් සම්බාධක

Mohamed Dilsad

කළු ජාතිකයාගේ මරණයට එරෙහි ඇමරිකාවේ විරෝධතා ප්‍රාන්ත 15 කට පැතිරෙයි

Mohamed Dilsad

වයිකෝ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment