දේශීය

විරෝධතාවක් හේතුවෙන් හයිලෙවල් පාර හිරවෙයි

විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහියක් මුල්කර ගනිමින් ජාතික ජන බලවේගය පන්නිපිටිය ප්‍රදේශයේදී අද පස්වරුවේ විරෝධතාවයක නිරතවිය.

 

එහිදී මාර්ගය අවහිර කරමින් විරෝධතා පා ගමන් පැවැත්වීම වළක්වාලමින් පොලිසිය ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිතරණයෙන් නියෝගයක්ද ලබාගෙන තිබුණි.

 

කෙසේවෙතත් විරෝධතාකරුවන් පන්නිපිටිය සිට මහරගම දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදි පොලීසිය ඊට බාධා කිරීමත් සමග උණුසුම් තත්වයක් හටගත්තේය.

 

මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබුණි.

 

අනතුරුව පිරිස එම ස්ථානයේදීම විරෝධතාවයේ නිරත වුණි.

 

Update : Monday, October 23, 2023 22.36

 

මහරගම සහ පන්නිපිටිය අතර 138 හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

 

අප වාර්තාකරු සඳහන් කළේ පන්නිපිටිය බෝ ගහ ආසන්නයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් මෙලෙස රථවාහන තදබදයක් ඇතිවී ඇති බවය.

 

Related posts

පාස්කු ප්‍රහාරයේ CID විමර්ශන කඩිනම් කිරීමට බලකායක්

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

රුපියල අද දිනයේදී කැපී පෙනෙන ලෙස වර්ධනයක් පෙන්නුම් කරයි

Mohamed Dilsad

Leave a Comment