දේශීය

ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ගැන හෙළිදරව්වක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ සම්පූර්ණ විනිවිඳභාවයකින් යුතුව ක්‍රියාත්මක කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

 

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, එම වැඩපිළිවෙළ යටතේ ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර 318ක් නිකුත් කර ඇති අතර ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 38ක මුදලක් මෙරටට ලැබී ඇති බවය.

 

එහිදී කිසියම් වංචාවක් සිදුව ඇත්තම් විමර්ශනයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන අතර පටු දේශපාලන අරමුණුවලට මෙම පියවර ආපසු හැරවිය නොහැකි බව ද අදාළ නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

 

තීරුබදු සහන සහිත ඉලෙක්ට්‍රික් වාහන ආනයනයට දී තිබු බලපත්‍ර 119ක් අවභාවිතා කරමින් වාහන ආනයනය කර ඇති බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී පසුගියදා අනාවරණය වුණි.

 

අදාළ වාහනවලින් 75%ක් එක් සමාගමක් මඟින් මෙරටට ගෙන්වා ඇති බව වාර්තා වේ.

 

අදාළ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

 

Related posts

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ගැන වෙනස් කතාවක්

Mohamed Dilsad

රත්‍රං මිල තවත් පහළට

Mohamed Dilsad

සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් පක්ෂය නැගෙනහිර පළාතට තනිව තරඟ කරන තීරණයක

Editor O

Leave a Comment