දේශීය

ත්‍රස්තවාදයට චෝදනා ලැබු දෙදෙනෙකුගේ නම් අසාදු ලේඛනයෙන් ඉවතට

ත්‍රස්තවාදය හා ඊට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ආධාර අනුබලදීම හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

 

ඊයේ (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ඉවත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

 

ඒ අනුව නික්ලාපිල්ලේ ඇන්තනී එමිල් ලක්ෂ්මි කාන්දන් හෙවත් රමේෂ් යන පුද්ගලයා අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

 

ඔහුට එරෙහිව අන්තර්ජාතික පොලීසිය විසින් රතු නිවේදනයක් ද නිකුත් කර ඇති බව සඳහන්ය.

 

ඊට අමතරව මුරුගේසු ශ්‍රී සන්මුගරාජා යන පුද්ගලයා ද අසාදු ලේඛනයෙන් ඉවත්කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

 

ත්‍රස්තවාදය සහ ඒ හා සම්බන්ධ ක්‍රියාවලට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත 2014 වසරේ සිට මොවුන් දෙදෙනා අසාදු ලේඛන ලැයිස්තුවට ඇතුළත්

Related posts

වන්දි ඉල්ලා චීන පොහොර සමාගමෙන්, එන්තරවාසියක්

Mohamed Dilsad

රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක්…? : පිරවුම්හල් හිමියන් වර්ජනයක

Editor O

ඇමෙරිකා තානාපති සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

Leave a Comment