දේශීය

මූල්‍ය සහනයක් ගැන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුබ පණිවුඩයක්

වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් පොලිය මත අඩුකරන ලද අත්තිකාරම් ආදායම් බද්ද ආපසු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති එම නිවේදනය මඟින් සඳහන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සුවිශේෂි මූල්‍ය සහනයක් ලබාදීමේ ක්‍රියාපිළිවෙලක් ආරම්භ කර ඇති බවය.

 

එනම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය යහපැවැත්මට සහායවීමේ අරමුණින්ය.

 

එහිදී බැංකු හෝ මූල්‍ය ආයතන විසින් පොලී ආදායම මත අඩුකරන ලද 5%ක්වු අත්තිකාරම් ආදායම් බද්ද (AIT) ඔවුන්ට ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් දියත් කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

Related posts

කොවිඩ් මරණ ඉහළ යයි

Mohamed Dilsad

ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද

Mohamed Dilsad

කොවිඩ් දේහ ආදාහනය අත්හිටුවන්නැයි ජගත් සංවිධානයෙන් ලංකාවට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment