විදෙස්

ගාසා හි මානුෂීය නීති උල්ලංඝනය කිරීම ගැන ඇන්ටෝනියෝ කනස්සල්ලෙන්

ගාසා තීරයේ ජාත්‍යන්තර මානුෂීය නීතිය පැහැදිලිව උල්ලංඝනයවීම පිළිබඳව තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.

 

විදෙස් වාර්තා සඳහන් කළේ, සිවිල් වැසියන් “මිනිස් පළිහක්” ලෙස භාවිතා කිරීම සහ ඉවත් කිරීමේ නියෝගයකින් පසු දකුණු ගාසා තීරයට බෝම්බ හෙළීම යන දෙකම තමා හෙළා දකින බව ඔහු පවසා ඇති බවය.

 

ඊශ්‍රායලයට එල්ල කළ හමාස් ප්‍රහාරය “රික්තයක් තුළ සිදුවූවක් නොවේ” යැයි ගුටරෙස් ප්‍රකාශ කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල තානාපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට ඉල්ලා අස්වන ලෙස පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

 

විදෙස් වාර්තා සඳහන් කළේ, ඔක්තෝබර් මස 7 සිට මේ දක්වා ගැටුම්වලින් දෙපාර්ශ්වයේම පුද්ගලයින් 7,200 කට අධික පිරිසක් මියගොස් ඇති බවය.

Related posts

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ඵලදායිතාව වයසත් සමඟ ඉහළ යන බව‍ හෙළිවේ

Mohamed Dilsad

ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් ජිවිතක්ෂයට ?

Mohamed Dilsad

Leave a Comment