දේශීය

බදු ගැන රේගුවෙන් පැහැදිලි කිරීමක්

මේ වසරේ රුපියල් බිලියන 925ක බදු ආදායම් රැස්කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

 

අද (26) පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා මේ බව ප්‍රකාශ කළේය.

 

රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා,

 

“2017 සිට 2023 දක්වා බිලියන 742ක් අපි එකතු කරලා තිබෙනවා. ආදායම් රැස්කිරීමේ ප්‍රතිශතය අනුව බලාපොරොත්තු වෙන්නේ දෙසැම්බර් මාසය වනවිට රුපියල් බිලියන 925ක ආදායමක් එකතු කරගන්න.”

 

“අපිට ලැබුණු ඉලක්කය සහ අපි ලබාගත් ආදායම අතර තිබෙන වෙනස නිසා බොහෝ විවේචන අපිට එල්ල වුණා.”

 

“IMF ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් නිර්දේශ 05ක් ඉදිරිපත් කරලා තිබෙනවා.”

Related posts

නාඩු සහල් ගෙන්වන මුවාවෙන්, බාස්මතී, මුං ඇට, උඳු ගෙන්වලා – ජාවාරමක් ගැන හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගෙන් හෙළිදරව්වක්

Editor O

හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

තොරතුරු කොමිසම පැවරූ පළමු නඩුව විසිවෙයි

Mohamed Dilsad

Leave a Comment