දේශීය

අමෙරිකාවේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදන සමාගම් තීරණයක් ගනී

අමෙරිකාවේ බිග් ත්‍රී මෝටර් රථ නිෂ්පාදන සමාගම්වල සේවකයන් ඒකාබද්ධව දැවැන්ත වර්ජනයක් ආරම්භ කළේ මීට සති 6කට පමණ පෙර ය.

 

කෙසේ වුවද මේ වනවිට එම වැඩ වර්ජනය අවසන් කිරීමට මෝටර් රථ සමාගම් තීරණය කර තිබේ.

 

ඒ 25%ක වැටුප් වැඩිවීමකට නිෂ්පාදන සමාගම් එකඟවීමත් සමගය.

 

එම යෝජනාවට වෘත්තීය සමිති නායකයන්ගේ අනුමැතිය හිමිවිය යුතු බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

 

බිග් ත්‍රී ලෙස හඳුන්වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම් තුනය.

 

ජෙනරල් මෝටර්ස්, ෆෝඩ් සහ ක්‍රයිස්ලර් එම සමාගම් වෙයි.

 

1910 වසරේ ලොව විශාල මෝටර් රථ නිෂ්පාදනාගාරයක් මුලින්ම ස්ථාපිත කළේ ජෙනරල් මෝටර්ස් සමාගමයි.

 

ෆෝඩ් සහ ක්‍රයිස්ලර් සමාගම් ආරම්භ කෙරුණත් 2 වැනි ලෝක යුද්ධයට පෙර සමයේදීය.

 

පසුගිය සති කිහිපයේ ක්‍රියාත්මක වූ වැඩවර්ජනය වාර්තා අතරට එක් වූයේ, අමෙරිකා එක්සත් ජනපද කර්මාන්ත ක්ෂේත්‍රයේ දශක ගණනාවකින් සිදුකෙරෙන දැවැන්තම වෘත්තිය ක්‍රියාමාර්ගය ලෙසටය.

 

සිය සාමාජිකයන්ට වසර 4ක් තුළ 40%ක වැටුප් වැඩිවීමක් ලබාගැනීම වර්ජකයන්ගේ ප්‍රධාන ඉල්ලීම විය.

 

ඊට අමතරව දින 4ක වැඩ සතියක් , උද්ධමනය හා බැඳුනු ස්වයංක්‍රීය වැටුප් වැඩිවීමක් සහ සේවකයන් තාවකාලික පදනමින් යොදවාගැනීමේ කාලය සීමාකිරීම ඔවුන්ගේ අනෙක් ඉල්ලීම් අතර විය.

Related posts

විදේශිකයන්ට රට යළි විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද

Mohamed Dilsad

මහින්ද සහ ගෝඨා ඇතුළු සිව්දෙනෙකු ට කැනඩාවෙන් තහනමක්

Mohamed Dilsad

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment