දේශීය

පිටකොටුව ගින්නෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට

පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළෙඳසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.

 

රෝහල් ආරංචිමාර්ග ඒ බව සඳහන් කරයි.

 

ඒ අනුව අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

 

පුද්ගලයින් 06 දෙනෙකුට බරපතළ පිළිස්සුම් තුවාල ඇති බවද වාර්තා වෙයි.

 

අද පෙරවරු 09.30ට පමණ දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සැලක මෙම ගින්න හටගෙන තිබුණි.

 

කොළඹ ගිනිනිවන ඒකකය විසින් ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නෙන් වෙළෙදසැල් කිහිපයකට හානි සිදුවී ඇති බවද පොලීසිය පවසයි.

 

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිටකොටුව පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

Related posts

සජිත්ගේ බස් බෙදිල්ල: ඡන්දෙන් පසු යළි කරලියට

Editor O

අද පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

ඉරානයට සම්බාධක පනවයි…!

Editor O

Leave a Comment