දේශීය

සරසවි සිසුවිය දූෂණය කළ තරුණයාට වසර 16ක සිරදඬුවමක්

විශ්වවිද්‍යාල සිසුවියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ ඉන්දීය තරුණයෙකුට සිංගප්පූරු අධිකරණයක් විසින් වසර 16ක සිරදඬුවමක් නියම කර තිබේ.

 

මීට අමතරව කස පහර 12ක් ද ලබා දීමට නියම කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

 

සිසුවිය පැහැරගෙන යාම සහ ඇය සතුව තිබූ දෑ සොරකම් කිරීම සම්බන්ධයෙන්ද එම තරුණයා අධිකරණය ඉදිරියේ වැරදිකරු වී තිබේ.

 

මෙලෙස දඬුවම් ලබා ඇත්තේ 26 හැවිරිදි චින්නයියා නම් සනීපාරක්‍ෂක සේවකයෙකු ලෙස සිංගප්පූරුවේ රැකියාවක නිරත වෙමින් සිටි පුද්ගලයෙකි.

 

2019 මැයි 4 වනදා රාත්‍රියේ දී විශ්වවිද්‍යාල සිසුවිය මෙලෙස දූෂණය ලක් ව ඇති බව සඳහන් වේ.

 

ඇය එදින රාත්‍රියේ බස් නැවතුම්පළකට යමින් සිටියදී මෙම පුද්ගලයා විසින් ලුහුබැඳ ගොස් ඇයට පහර දී කැලෑබද ප්‍රදේශයකට ඇදගෙන ගොස් මෙලෙස දූෂණය කළ බව සඳහන් වේ.

 

මෙම පුද්ගලයා දවස් කිහිපයක සිට ඇයව ලුහුබැඳ ඇති බව ද අනාවරණය වී තිබේ.

 

ඇය රෝහල්ගත කර තිබූ අවස්ථාවේ ඇයගේ පෙම්වතාට පවා ඇයව හඳුනාගැනීමට නොහැකි වන තරමට මෙම පුද්ගලයා ඇයගේ මුහුණට තුවාල සිදුකර තිබූ බව සඳහන් වේ.

 

මේ හේතුවෙන් සැකකාරුගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා කිහිපයක් අවශ්‍ය වී තිබී ඇති අතර, එයට වසර 4ක පමණ කාලයක් ගත වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

අදාළ වාර්තා ලැබීමෙන් පසුව සිදුකළ නඩු විභාගයෙන් අනතුරු අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත

Related posts

කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක් ජලය නැහැ

Mohamed Dilsad

වවුනියාව සහ මන්නාරම ප්‍රදේශයේ LTTE සැමරුම් තහනම් කරමින් අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

මධ්‍යම පළාතේ ගවයින්වත් කොටුකරයි

Mohamed Dilsad

Leave a Comment