ක්‍රීඩා

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් හදිසි තීරණයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ගිනිකෙළි සංදර්ශන තහනම් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

 

ඒ අනුව දිල්ලි සහ මුම්බායි හි පැවැත්වෙන තරගවලදී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

එම නගරවල වායු දූෂණය අවදානම් මට්ටමක් පැවතීම හේතුවෙන් එම පියවර ගෙන තිබේ.

 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා විසින් මෙම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදුකර ඇති බව සඳහන්ය.

 

ඒ අනුව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ දිල්ලි සහ මුම්බායි කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ඉදිරි තරග කිසිවක දී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම තහනම් වේ.

Related posts

ක්‍රීඩා අැමතිට මිලියනයක අල්ලස් දීමට ගිය නිළධාරියෙක්ට වුණු දේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම්වලට අදාළ ව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත්කර තිබෙන රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අද (27) අතුරු නියෝගයක් නිකුත්කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම් කිහිපයක් ඉදිරිපත්කළ පෙත්සම් සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළේය.

Mohamed Dilsad

දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හරී

Mohamed Dilsad

Leave a Comment