දේශීය

තෙවැනි පාසල් වාරය අවසන් වන දිනය ප්‍රකාශයට පත් කෙරේ

2023 තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22 වැනි දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

 

ඒ අනුව තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර සඳහා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් පෙබරවාරි මස 02 වැනි දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

 

2023 වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ විය.

 

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනි දින සිට පැවැත්වීමට නියමිත ව ඇති බව ද වාර්තා වේ.

Related posts

මැතිවරණ ප්‍රචාරක කටයුතු අගෝස්තු 02න් අවසන්

Mohamed Dilsad

නාමල්ගේ වැලිමඩ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් අරන් ඇවිත්

Editor O

සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1857 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment