දේශීය

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ජනපති දැනුවත් නෑ

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

 

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙවැනි කමිටුවක් පත්කරන බව ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බවය.

 

එමෙන්ම නව අතුරු කමිටුවට පත්කළ සාමාජිකයින් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර නොමැති බවද වාර්තා වේ.

 

මේ පිළිබඳව විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාව සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවත් එය මේ දක්වා සාර්ථක වී නොමැති බවද වාර්තාවේ.

 

Related posts

අදත් පැය 5ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා අද සිට වැටලීම් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment