දේශීය

ජනක රත්නායකට තර්ජන කළ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිසන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන සිදුකර කප්පම් ලබාගැනීමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

දුරකථනයෙන් මරණ තර්ජනය කර ලක්ෂ 15ක මුදලක් බලෙන් ලබාගැනීමක් සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා කිරුළපන පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබීය.

 

ඒ අනුව මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුට සැඟවී සිටීමට නේවාසික පහසුකම් ලබාදුන් සහ ආධාර අනුබල ලබාදුන් සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38 සහ 40 යන වයස් වල පසුවන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Related posts

රජයට අයත් භාවිතයට නොගත් ඉඩම් වගා සහ සත්ව පාලන කටයුතුවලට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 14 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

Mohamed Dilsad

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අද ජනපති අතට

Mohamed Dilsad

Leave a Comment