දේශීය

ලියාපදිංචි නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ගැන තීරණයක්

මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11,000ක් පමණ ක්‍රියාත්මක වුව ද ඉන් ලියාපදිංචි වී ඇත්තේ ආයතන 5ක් පමණක් බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

වැඩි වශයෙන් ග්‍රාමීය අඩු ආදායම් ලාභී ජනතාව ගනුදෙනු කරන මෙම ආයතනවල බලපෑම හේතුවෙන් අපහසුතාවට පත් වූ ලක්ෂ 30ක පමණ පිරිසක් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 

එබැවින් මෙම ආයතන ලියාපදිංචි කිරීම අනිවාර්යය වන අතර ක්ෂුද්‍ර මුල්‍ය ආයතන නියාමනය සඳහා නව අධිකාරියක් පිහිටුවන බව ද අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

 

“ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු සිදුවිය යුතුයි. නමුත් හොඳ පාලනයක් තිබිය යුතුයි. අපේ රටේ 11,000ක් තියෙනවා ආයතන. නමුත් ලියාපදිංචි වෙලා තියෙන්නේ 5යි. ලියාපදිංචියක් නෑ කියන්නේ නියාමනයක් නෑ. හිතූමතේ වැඩ කරනවා. මේ තුළින් විශාල වශයෙන් ග්‍රාමීය කාන්තාව සුවිශාල ප්‍රශ්නවලට මුහුණදෙනවා. දැන් 30 ලක්ෂයක් ඉන්නවා ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු නිසා අපහසුතාවයට පත්වුණ අයගේ සංවිධාන ගතවෙලා. මේක ජාත්‍යන්තර මට්ටමට ගිය ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා අපි කටයුතු කරගෙන යන්නේ අලුත් නීතියත් එක්ක සියලුම ක්ෂුද්‍ර මුල්‍ය ආයතන ලියාපදිංචි විය යුතුයි. මහ බැංකු නියාමනයට යටත්විය යුතුයි. අනවශ්‍ය අසාධාරණ ලෙස කටයුතු කරන්න මේ ණයගන්න අය වෙනුවෙන් ඔවුන්ට බැරි වෙනවා. මේ නීතිමය අවශ්‍යතාවය සම්පූර්ණය නොකරන අයට ලක්ෂ 50ක දඩයකට සහ වසර 5කට යටත්වූ සිරදඬුවමකටත් යටත් වෙනවා.”

Related posts

දුම්රිය ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

පෞද්ගලික වාහනවලින් වනෝද්‍යානවලට ඇතුළුවීම තහනම්

Mohamed Dilsad

Leave a Comment