දේශීය

ඊශ්‍රායලයේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාවන්ට සිදුවූ දේ

ජෝර්දාන දේශසීමාව හරහා නීතිවිරෝධීව ඊශ්‍රායලයට ඇතුළුවූ ශ්‍රී ලාංකිකයින් බවට සැකකෙරෙන කාන්තාවන් දෙදෙනා නැවතත් ජෝර්දානයටම හරවා යැවීමට කටයුතු කරන බවට මේ වන විට තොරතුරු ලැබී ඇත.

 

මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඊශ්‍රායලයේ, ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා මේ බව පැවසීය.

 

මෙම කාන්තාවන් දෙදෙනා ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබුණි.

 

ඒ නිතීවිරෝධි ලෙස ජෝර්දාන දේශසීමාව හරහා ඊශ්‍රායලයට ඇතුළුවීමට උත්සහා කළ අවස්ථාවකදීය.

 

ඔවුන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සොයාබැලීමක් අද (15) සහ හෙට (16) දෙදින තුළ සිදුකරන බව ද තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

 

සිය ඥාතියෙකු හෝ හිතවතෙකු මෙලෙස නීතිවිරෝධි ලෙස ඊශ්‍රායලයට පැමිණීමට කටයුතු කරන්නේ නම් එය වැළැක්වීමට කටයුතු කරන ලෙස තානාපති නිමල් බණ්ඩාර මහතා ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.

 

මේ අතර අද වන විට ඊශ්‍රායල් පලස්තීන් යුද්ධය ආරම්භ වී දින 10ක් ගත වී ඇති බවත් ඊයේ දිනයේදී ද ගාසා තීරයේ සිට ෂෙල් වෙඩි සහ ගුවන් ප්‍රහාර එල්ල වූ බව ඒ මහතා පවසයි.

 

ඔහු පැවසුවේ තායිලන්තය, ඉන්දියාව සහ ජපානය විසින් ඊශ්‍රාලයේ සිටින සිය රටවැසියන් මව් රටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවය.

 

කෙසේ වෙතත් ඊශ්‍රාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් එවැනි ඉල්ලීමක් තවමත් සිදුව නොමැති බැවින් එවැන්නක් සිදුනොවන බවත් කෙසේ හෝ එවැනි ඉල්ලීමක් සිදුවුවහොත් අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Related posts

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණය අද 04

Editor O

අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං ට, නාමල් රාජපක්ෂ අවසන් ගෞරව දක්වයි

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිතට කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment