දේශීය

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝවක් නාවික හමුදා භාරයට

TNT නමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01කට අධික ප්‍රමාණයක් යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

 

අද (17) අලුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී සූක්ෂම ලෙස සඟවා තිබූ එම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

 

යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ ජැටිය ආසන්නයේ පිහිටි, ලඳු කැලෑවක් තුළ එම පුපුරුණ ද්‍රව්‍ය සඟවා තිබිය දී නාවික හමුදාවට නිරීක්ෂණය වී තිබේ.

 

නීතිවිරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරනු ලබන ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය මෙලෙස සඟවා තබන්නට ඇතැයි නාවික හමුදාව විශ්වාස කෙරේ.

 

එම පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇති බව ද නාවික හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Related posts

පාසල් වහල සෙවිලි කිරීමේදී ඇස්බැස්ටෝස් තහනම්

Mohamed Dilsad

ටෙහෙරානයේ රේඩාර් මධ්‍යස්ථානයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

Editor O

සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment