දේශීය

විසල් හම්බන්තොට ව්‍යාපෘතිය නිසා නිවාස අහිමිවූවන්ට ඉඩම්

විසල් හම්බන්තොට’ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් පවුල් 97කගේ නිවාස අහිමි වී තිබේ.

 

ඒ අනුව හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 10.11ක් පමණ වූ රජයේ ඉඩමක් එම පිරිසට ලබාදීමට විකල්ප ඉඩමක් ලෙස හඳුනාගෙන ඇත.

 

එම ඉඩමේ නේවාසික භාවිතය සඳහා බිම් කොටස් 126ක් හඳුනාගෙන ඇති අතර, මේ වනවිට නිවාස අහිමි වූ පවුල් 97න් පවුල් 84ක් සඳහා බිම් කොටස් වෙන් කර දී ඇත.

 

මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිදුකළ යෝජනාවක් අනුව විසල් හම්බන්තොට ව්‍යාපෘතියෙන් නිවාස අහිමිවූ පිරිසට සිරිබෝපුර පිහිටි අක්කර 10.11ක් පමණ වූ රජයේ ඉඩමෙන් කොටසක් වෙන්කර දීමටත් ඒ සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ මඟ පෙන්වීම යටතේ නිත්‍යානුකූල දීමනා පත්‍ර නිකුත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ

Related posts

ශ්‍රී ලංකා ජනපති සහ ප්‍රංශ ජනපති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියාව ඝාතනය කෙරේ

Mohamed Dilsad

තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට‍

Mohamed Dilsad

Leave a Comment