දේශීය

නායයෑමක් නිසා කොළඹ බදුල්ල මාර්ගය අවහිර වෙයි

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේදී යළිත් අද (07) පස්වරුවේ නායයෑමක් සිදුවී තිබේ.

 

අප වාර්තාකරු සඳහන් කළේ අදාළ මාර්ගයේ 179 කිලෝමීටර් කණුව ප්‍රදේශයේ ස්ථානයක මෙම නායයෑම සිදුවී ඇති බවය.

 

පොලීසිය සඳහන් කළේ බදුල්ල කොළඹ මාර්ගයේ බෙරගල සහ හල්දුම්මුල්ල අතර මෙලෙස පස් කන්දක් නායගොස් ඇති බවය.

 

මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.

 

මෙම ප්‍රදේශයේදී ඊයේ (06) ද නායයෑමක් සිදුවී තිබුණි.

 

මේ අතර හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වනරාජා වත්ත ප්‍රදේශයේදී ද අද (07) පස්වරුවේ ප්‍රධාන මාර්ගයට පස් සහ විශාල ගලක් පෙරළී තිබේ.

 

අප වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බවය.

 

පවතින අධික වර්ෂාවත් සමග කාසල්රී ජලාශය පිටාර මට්ටමට අගල් 08ක් දක්වා ආසන්නවී ඇති බවත්, විමලසුරේන්ද්‍ර ජලාශය අද දිනයෙත් වාන්දමන බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.

 

තවදුරටත් ඇදහැලෙව අධික වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ගවලට සහ අතුරු මාර්ගවලට ගස්, පස්කඳු සහ විශාල ගල් පෙරළීමේ අවදානමක් ඇති බැවින් එම මාර්ගවල රථවාහන ධාවනයේදී සැලකිලිමත්ව වන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

 

Related posts

මුඛ ආවරණ නොපැළදි 14 කට කොරෝනා

Mohamed Dilsad

පස්සර මාරක බස් අනතුරෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට – [PHOTOS]

Mohamed Dilsad

ඉදිරියේදී බස් ගාස්තු ඉහළ දැමිය යුතුයි – ගැමුණු විජේරත්න

Editor O

Leave a Comment