දේශීය

හරක් කටාට කෑම සුපිරි වෙළෙඳසැලකින්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටාට අවශ්‍ය ආහාර සුපිරි වෙළෙඳසැලක් මගින් ලබාගැනීමට අද අධිකරණය අවසර ලබා දී තිබේ.

 

හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය ලබාදුන්නේය.

 

ඒ අනුව සැකකාර හරක් කටාට ඔහු රඳවා සිටින ස්ථානය භාර ස්ථානාධිපතිවරයා නම්කරන නිලධාරියෙකු හරහා අවශ්‍ය ආහාර සුපිරි වෙළෙඳසැලෙන් ලබාගැනීමට අවසර හිමිවනු ඇත.

Related posts

අනිද්දා සියලුම රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්

Mohamed Dilsad

මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනයට පියවර

Mohamed Dilsad

නීතිවිරෝධී ලෙස ගෙන්වූ සුවඳ විලවුන් හා ආලේපන තොගයක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment