දේශීය

නිවැසියන් කාමරයක සිරකර නිවස කොල්ලකයි

තියුණු ආයුධවලින් සන්නද්ධව නිවසකට ඇතුළුවූ පිරිසක් නිවැසියන් බියගන්වා රුපියල් ලක්ෂ 200කට ආසන්න මුදල් හා රන් ආභරණ කොල්ලකා පළාගොස් තිබේ.

 

මාදම්පේ තඹගල්ල ප්‍රදේශයේ නිවසක මෙම කොල්ලය සිදුකර ඇත.

 

එහිදී වැඩිදුරටත් වාර්තා වුණේ කොල්ලකරුවන් විසින් නිවැසියන් බියවද්දා කාමරයක සිරකර මෙම කොල්ලය සිදුකර ඇති බවය.

 

ඊයේ (18) රාත්‍රී 7ට පමණ වැන් රථයකින් පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු විසින් පොල් ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක් මෙලෙස කොල්ලකා තිබේ.

 

මෙම කොල්ලකරුවන් විසින් නිවැසියන්ගේ රථවාහනවල යතුරු සහ ජංගම දුරකථන ද සොරකම් කර ඇති බව පොලීසිය පැවසීය.

 

කොල්ලකරුවන් පළාගිය පසු කාමරයේ සිරවී සිටි නිවැසියන් දොරවල් කඩා පිටතට පැමිණ ඇති අතර පසුව මාදම්පේ පොලීසියට දැනුම්දී ඇත.

 

ඒ අනුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ කොල්ලකරුවන් විසින් නිවසේ තිබූ රුපියල් ලක්ෂ 93කට ආසන්න මුදලක් සහ රන් පවුම් 35 කට ආසන්න ප්‍රමාණයක් කොල්ලකා ඇති බවය.

 

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

වයසට යෑම පරක්කු කරන බෙහෙතක් කොළඹ විශ්වවිද්‍යාලයෙන්

Mohamed Dilsad

ගම්මාන කිහිපයක් හුදකලා කරයි

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment