දේශීය

මෙරට වාහන සිහිනයට චීනයෙන් විසඳුමක්

චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) චීන සන්නිවේදන ඉදිකිරීම් සංස්ථාව, සයිනොපෙක් සමාගම, BYD සමාගම ඇතුළු ප්‍රධාන පෙළේ චීන සමාගම් කිහිපයක නියෝජිතයන් සමග සාකච්ඡා පවත්වා තිබේ.

 

ශ්‍රී ලංකාවේ අනාගත ආයෝජන අවස්ථා සහ අවකාශයන් පිළිබඳව මෙම සාකච්ඡාවලදී පුර්ණ අවධානය යොමුවී තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

වරාය නගරය අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, වරාය නගර පරිශ්‍රය උදෙසා නව මුල්‍ය නීති රීති සම්පාදනය, වරාය නගර පරිශ්‍රයට සීමාවූ අධිකරණ සහ බේරුම්කාරක ක්‍රමවේදයන් සැකසීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවී තිබේ.

 

එසේම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධති විදුලියෙන් ක්‍රියාත්මක කිරිමේ අවකාශ, විදුලි වාහන එකළස් කිරීම, විදුලි දුම්රිය සේවා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා පවත්වා ඇත.

 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රවර්ධනය උදෙසා හැකි උපරිමයෙන් සහාය ලබාදෙන බවත්, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා බවත් සමාගම් නියෝජිතයෝ මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.

 

ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා දූත පිරිස ද මෙම අවස්ථාවට එක්වී ඇත.

Related posts

වත්මන් ආණ්ඩුව ගැන හිටපු ජනාධිපතිගෙන් අනාවැකියක්

Editor O

ලංකාවේ සමස්ත ආසාදිතයන් 991 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

සොහොයුරියගේ මාලය සොරාගත් සහෝදරයාට අත්වූ ඉරණම

Mohamed Dilsad

Leave a Comment