විදෙස්

අමෙරිකානු කඳවුරු දෙකකට ප්‍රහාර

සිරියාවේ පිහිටා ඇති අමෙරිකානු හමුදා කඳවුරු දෙකකට මිසයිල ප්‍රහාර එල්ලකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

 

ඉරානයට පක්ෂපාතී ලෙබනන් රූපවාහිනී නාලිකාවක් ඒ බව වාර්තා කර තිබුණි.

 

සිරියාවේ ඉරාක සහ ජෝර්දාන දේශසීමාව ආසන්නයේ පිහිටි හමුදා කඳවුරකට සහ සිරියාවේ උතුරු කලාපයේ පිහිටි හමුදා කඳවුරකට එසේ ප්‍රහාර එල්ලකර තිබුණි.

 

නමුත් එම ප්‍රහාර සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිවෙක් පිළිගෙන නොමැති බවද සඳහන් ය.

Related posts

පෝලියෝ එන්නත්කරණය කිරීමට ගාසාහි සටන් විරාමයක්

Editor O

වසර 50 කට පසුව නොබෙල් භෝජන සංග්‍රහය අවලංගු කරයි

Mohamed Dilsad

සේවකයෝ 6,000ක් ගෙදර යවා මයික්‍රොසොෆ්ට් සමාගම කරන්න හදන වැඩේ.

Editor O

Leave a Comment