දේශීය

අස්වැසුමට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහාය

අස්වැසුම සුබසාධක වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ප්‍රදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාවය පළ කර තිබේ.

 

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එලෙස එකඟතාවට පැමිණි බවය.

 

මෙම වැඩසටහන විධිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා ග්‍රාමීය මට්ටමින් නිශ්චිත නිලධාරියෙකු පත් කිරීමටද මෙහිදී එකඟතාවය පළ වී තිබේ.

 

අස්වැසුම සුබසාධක වැඩසටහනේ පවතින තාක්ෂණික ගැටලු කඩිනමින් විසඳාගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුව වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

 

සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීම සිදුකෙරෙන බව සඳහන්ය.

Related posts

ප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. හේරත් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

මෙරට පුද්ගලික ණයහිමියන්ගෙන් බලධාරීන්ට යෝජනාවක්

Mohamed Dilsad

දේවගැති ජෙරම් අදත් එයි

Mohamed Dilsad

Leave a Comment