දේශීය

පාර්ලිමේන්තුවේ ක්‍රිකට් විවාදය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාරිලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

 

ඒ අනුව දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය අද (09) පැවැත්වීමට නියමිතය.

 

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන අදාළ යෝජනාව අද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට ඊයේ (08) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී තීරණය කර තිබේ.

 

ඒ අනුව විවාදයට අදාළ යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අතර ආණ්ඩු පක්ෂය විසින් එය ස්ථීර කිරීමට නියමිතව තිබේ.

 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා දූෂිත වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය වහා ඉවත්විය යුතු බවත් දූෂණයෙන් තොර ක්‍රිකට් පාලනය විනිවිඳභාවයෙන් යුතුව පවත්වාගෙන යාම සඳහා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් පනතක් හරහා සම්මත කළ යුතු බවත් එම යෝජනාව මඟින් සම්මත කරගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

 

යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 5.30ට පැවැත්වීමට නියමිතය.

Related posts

රාජ්‍ය නිලධාරීන් සඳහා නොමිලේ පාඨමාලා රැසක්

Mohamed Dilsad

පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගනී

Mohamed Dilsad

පළාත් පාලන ඡන්දය කල් දැම්මේ ඇයි ?

Mohamed Dilsad

Leave a Comment