දේශීය

හමාස් – ඊශ්‍රායල් ගැටුම් කැනඩාවටත් පැතිරෙයි

ගාසා තීරයේ දරුණුවට සිදුවන හමාස් – ඊශ්‍රායල් ගැටුම් මේ වනවිට ලොව විවිධ රටවලට පැතිර යමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

 

එහි ආසන්නතම සිදුවීම අද (10) කැනඩාවේ මොන්ට්‍රියල් නගරයෙන් වාර්තා විය.

 

එම ප්‍රදේශයේ පිහිටි යුදෙව් පාසල් දෙකකට වෙඩි ප්‍රහාර එල්ලකර ඇති අතර ඉන් කිසිවෙක් හෝ තුවාල ලබා නොතිබුණු බව සඳහන් ය.

 

සතිය ආරම්භයේ මොන්ට්‍රියල් නගරයේ පිහිටි යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට පෙට්‍රල් බෝම්බයක් විසිකර තිබුණි.

 

එසේම නගරයේ පිහිටි කොන්කෝඩියා විශ්වවිද්‍යාලයේදී පලස්තීනයට ළැඳි කණ්ඩායම් සහ ඊශ්‍රායලයට ළැඳි කණ්ඩායම් අතර ගැටුම් ඇතිවිය.

Related posts

කොටස් වෙළඳපාල ගණුදෙනු ඇරඹේ

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් සැසිය අදින් ඇරඹේ

Mohamed Dilsad

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අද සහ හෙට

Mohamed Dilsad

Leave a Comment