දේශීය

රුපියල් ලක්ෂ 150කට අලෙවි කළ ව්‍යාජ රන් බන්දේසිය ගැන පුළුල් විමර්ශනයක්

නිධානයකින් ලබාගත් රත‍්‍රං බන්දේසියක් බව පවසා රන් පැහැ ගැන්වූ ව්‍යාජ බන්දේසියක් ඉතා සූක්ෂම ලෙස අලෙවි කළ සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

 

ඒ, අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයකට අනුවය.

 

සැකකරුවන් විසින් රන් පැහැති ව්‍යාජ බන්දේසිය අනුරාධපුර නිවත්තකචේතිය ප‍්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකට ලබාදී රුපියල් ලක්ෂ 150ක මුදලක් වංචනික ලෙස ලබාගෙන තිබේ.

 

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර වංචාවට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණි.

Related posts

සැහැල්ලු දුම්රියෙන් කෝටි 597ක් වතුරේ

Mohamed Dilsad

නුවරඑළියට යළි නිරෝධායන ඇඳිරි නීතිය

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

Leave a Comment