දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට හොඳ කියයි

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසු වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.

 

එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්තී සුබ්‍රමනියම් මහතා පෙන්වා දෙන්නේ එම කැපවීම ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය ලබාදීම සඳහා හේතුවක් වන බවයි.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් මුදල් අමාත්‍යාංශයේ දී පවත්වා තිබුණි.

 

එහිදී ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා මෙම අදහස් පළකළ බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

 

මෙහිදි විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ප්‍රතිසංස්කරණ යෝජනාවලින් බහුතරයක් නියමිත පරිදි අවසන් කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබාගැනීමේ මාර්ගයට අවතීර්ණ වී ඇති බවයි.

 

එහිදී අදහස් දැක්වු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන සහයෝගය අගය කර තිබුණි.

 

දෙවන වාරිකය පිළිබඳ සුබවාදී අපේක්ෂාවෙන් පසු වන බව පෙන්වාදුන් රාජ්‍ය අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්පූර්ණයෙන් අවසන් කිරීමට තිරසර ආර්ථිකයක් නිර්මාණය කිරීමට හේතු වන බව ද පවසා තිබේ.

 

විශේෂයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ඊට ඉන්දියාව ඇතුළු සෙසු රටවල් ලබාදෙන සහයෝගය පිළිබඳව මෙහිදි සාකච්ඡාවට ලක් වු බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශයසඳහන් කළේය.

 

Related posts

ප්‍රිය සම්භාෂණ, සාද පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු තහනම් [RELEASE]

Mohamed Dilsad

බදුල්ල බන්ධනාගාර සැකකරුවන් අතර ගැටුමකින් 05 කට තුවාල

Mohamed Dilsad

පොහොර ලේකම් කාර්යාලයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment