දේශීය

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අත්අඩංගුවට

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

 

බීමතින් රිය ධාවනය කර රථවාහන 02ක් අනතුරට ලක්කිරීමේ සිද්ධියකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

 

ඊයේ (28) රාත්‍රී වැල්ලවත්ත, මුහුද ආසන්න මාර්ගයේ දී එම අනතුර සිදුව තිබුණි.

 

එහිදී රවී සෙනෙවිරත්න මහතා ධාවනය කළ මෝටර් රථය, බස් රථයක සහ මෝටර් රථයක ගැටී ඇති බව පොලීසිය පැවසීය.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අද (29) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ලංකාවේ ඇති වූ භූකම්පන ගැන පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට ඇෆ්ගනිස්ථානය සුදුසුකම් ලබයි

Editor O

Leave a Comment